දුම්රිය මාර්ගයක දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
ඊයේ (12) ග්‍රේට් වෙස්ටන් සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් පස්වරුවේ සිට එහි දුම්රිය ගමනාගමනයට බධා එල්ල විය.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය තවම යථා තත්ත්වයට පත්කර නොමැති බව වාර්තා වේ.
මේ අතර, පීලි පැනීමට ලක් වූ දුම්රිය මේවන විටත් පීලිගත කර නොමැති අතර ඒ හේතුවෙන් කොළඹ දෙස සිට ගමන් ගන්නා දුම්රිය හැටන් දක්වාත් බදුල්ල සිට ගමන් ගන්නා දුම්රිය නානුඔය දක්වාත් සීමාකර ඇත.
එම දුම්රිය ස්ථාන අතර මගීන් බස්රථ මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේවෙතත්, උදෑසන 8.00 පමණ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |