දුම්රිය ධාවනයට තවදුරටත් බාධා..ගමන්වාර 78ක් පමණ අවලංගු කරලා..
සේවකයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දුම්රිය නියාමකයින් පිරිසක් ආරම්භ කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 78ක් පමණ අවලංගු කර ඇති අතර තවත් කිහිපයක් ප්‍රමාද වී තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ සවස උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ දුම්රිය කිහිපයක් අවලංගු කළ බවට දැනුම් දීමත් සමඟය.
දුම්රිය අවලංගු කිරීම නිසා ඇති වූ අපහසුතාවය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් දුම්රිය සේවකයන්ට පහරදීමට උත්සාහ කළා.
ඉන් අනතුරුව දුම්රිය ස්ථාන කිහිපයකට පොලිසිය සහ යුධ හමුදා නිලධාරීන් යොදවනු ලැබුවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, ආරක්ෂක නිලධාරියෙකු විසින් මුරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.
මාලිගාවත්ත දුම්රිය අංගනයේදී දුම්වැටියක් උරමින් සිටි මුරකරුවෙකු ආරක්ෂක නිලධාරියා වළක්වාලීමෙන් පසු බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ ආරක්‍ෂක නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ආරක්‍ෂකයෝ අසනීප සටහන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ.
මේ අතර, ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ගුණසිංහ මහතා සඳහන් කළේ ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති නමුත් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීම පිළිගත නොහැකි බවයි.
