උඩරට දුම්රිය ධාවනයට පස් කන්දකින් බාධා..දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවට දැනුම් දීමක්..

Sri Lanka Sri Lanka Railways Department of Railways Landslide In Sri Lanka
By Piyumika Nov 25, 2024 09:20 AM GMT
Piyumika

Piyumika

Report

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

ඊළගට මොනවා වෙයිද..මැතිවරණ කොමිෂන් සභාව අයෙත් වැඩ පටන් අරන්..

ඊළගට මොනවා වෙයිද..මැතිවරණ කොමිෂන් සභාව අයෙත් වැඩ පටන් අරන්..

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි කදු මුදුනේ තිබූ විශාල ගල්පර්වත පස්කදු දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති අතර ,මේ නිසාවෙන් බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්පර්වත පස්කදු ඉවත් කිරීමට බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග අංශයේ සේවකයන් පිටත්කර යවා ඇති බවත් , මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

කලක පටන් තිබු ගිනි පුපුරු ..ජීවිතයකුත් වනසගෙනම ඇවිලෙයි..

කලක පටන් තිබු ගිනි පුපුරු ..ජීවිතයකුත් වනසගෙනම ඇවිලෙයි..

කෙසේ වෙතත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබෙන දුම්රියන් සාමාන්‍ය පරිදි දැනට ධාවනය වෙමින් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

You may like this video

ReeCha