එළැඹෙන සදුදා දුම්රිය ගමන් ගමන්වාර 30ක් අවලංගු කෙරේ..!

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jan 14, 2023 01:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් පමණ ලබන සඳුදා සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ වියදම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 18 ක් මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක් මෙන්ම කැළණිවැලි සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha