දින 03ක් එක දිගට දුම්රිය ප්‍රමාදයක්..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Mar 09, 2024 03:32 AM GMT
Aruna

Aruna

Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.

අද (09) , හෙට (10) සහ අනිද්දා (11) යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුවන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකරන බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය හැකි බවයි.

ReeCha