දුම්රිය රියදුරු කෝච්චිය මඟ දමා පැන යයි.
By Wayomi
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එම දුම්රියේ ගමන් ගත්මඟීන් පවසනවා.
මෙම දුම්රිය පෙරේදා උදෑසන මරදානෙන් බෙලිඅත්ත බලා ධාවනය ආරම්භ කර ඇති අතර කොග්ගල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමඟ රියදුරු තමාට අසනීප බවට ප්‍රධාන රියදුරු කාර්ය බාර නිලධාරිවරයාට දැනුම් දී කොග්ගල දුම්රිය පොලේ නතරකර පලාගොස් තිබෙනවා.
අනතුරුව ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට නෙහැකිව ඇත.
මෙම අවස්ථාවේ දුම්රියේ මගීන් 500කට අධික පිරිසක් සිට ඇති අතර ඔවුන් මහත් අපහසුතාවට පත්ව ඇති අතර ඊට පැය කිහිපයකට පසු පැමිණි දුම්රියෙන් එම මගීන් පිටත්කර යැවීමට කොග්ගල දුම්රිය ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුනා.