යතුරු පැදියක් හා පාපැදියක් ගැටී ට්‍රැෆික් OIC මරුට
අද (26) මොරන්තුඩුව, කන්දේ කඩේ ප්‍රදේශයේදී එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය හා අඹුසැමි යුවලක් රැගෙන ගිය පාපැදියක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් ස්ථානාධිපතිවරයා මියගොස් ඇති අතර, අඹුසැමි යුවල බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මොරන්තුඩුව, තරුණ සේවා මාවතේ පදිංචි 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂක නිහාල් සොයිසා මහතා බව පොලිසිය පැවසීය.
මූලික විමර්ශන අනුව, ඔහු යතුරුපැදිය ධාවනය කරමින් කන්දේ කඩේ දෙසට ගමන් කරන විට ඉදිරියෙන් ආ අඹුසැමි යුවල ගිය පාපැදියේ ගැටී මෙම අනතුර සිදු වූ බව අනාවරණය වී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ අඹුසැමි යුවල ගෝනුදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකවරයා පැවසීය. මොරන්තුඩුව පොලිසිය මේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.