අදටත් එදා වගේම සුන්දරව ඉන්න සමාජ මාධ්‍ය කළඹපු බියුලා ඩයස්

Report

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය උණුසුම් කළ මාතෘකාවක් වුණේ බියුලා ඩයස් කරුණාරත්න නම් වූ සුරූපී රංගන ශිල්පිනියගේ ජායාරූපයක් .

ඒ ඇය නොවෙනස් වූ සුන්දරත්වයකින් වයස අවුරුදු 80ක් ගිහිල්ලත් සිටීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වුණා.

ඇය 1974 පෙබරවාරි 24 තිරගත වූ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ "දුලීකා" චිත්‍රපටයේ විජය කුමාරතුංග සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළ දක්ෂ රංගන ශිල්පිනියක් .

අදටත් එදා වගේම සුන්දරව ඉන්න සමාජ මාධ්‍ය කළඹපු බියුලා ඩයස් | Beulah Diaz Celebrates 80 Years Of Grace

‘ආදර මල් පවනේ... ඈ යන මේ ගමනේ’... ,’සීත රෑ යාමේ අඳුරේ’, ‘වාසනා නිල් දෑස පායා’ වැනි “දුලීකා” චිත්‍රපටයේ අදටත් ජනප්‍රිය ගීත  ඔබේ   මතකයේ රැදී ඇති ගීත නිර්මාණයි.

ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන හා නර්ථන ශිල්පිනියක් වන බියුලා ඩයස් මේ වෙන කොට කලා කටයුතු වලින් තරමක් දුරස් ව සිටියි.

නමුත් ඇය ගැන බොහෝ දෙනාගේ අවධානය නැවත වරක් යොමු උනේ පසුගිය දා ඇගේ 80 වන ජන්ම දින සැමරුමත් සමගිනි.

  එහි ඇගේ ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් විය .

බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකය නැවතත් අලුත් වී තිබේ.

   වයස 80 වේදීත් ඇගේ රුව තුලින් නිරූපණය වුයේ නොවෙනස් සුන්දරත්වයක් වීම බොහෝ දෙනාගේ කතාබහට ළක්වීමට තවත් හේතුවක් වුණා බොහෝ දෙනෙක් ඇයට සුබ පතන්නට අමතක කරලා තිබුණේ නැහැ. කො‍යිතරම් වයසට ගියත් සුන්දරත්වයෙන් කිසිදු අඩුවක් වෙලා නැති ඇයනම් සැබෑම වාසනාවන්තියක්.

අදටත් එදා වගේම සුන්දරව ඉන්න සමාජ මාධ්‍ය කළඹපු බියුලා ඩයස් | Beulah Diaz Celebrates 80 Years Of Grace

මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයක් හැඩ කල බියුලා ඩයස් ඔබට සුබ උපන්දිනයකට ආසිරි පතනවා මෙන්ම මේ විදිහට අපූරු සුන්දරත්වයකින් සුවෙන් ඉන්නට ලැබේවා