ලංකාව සොහොන් පිටියක් කළ දිට්වා සුළිකුණාටුවේ විනාශය - තාමත් 173 දෙනෙක් අතුරුදන්

Report

දිට්වා සුළි සුළඟත් සමඟ මෙරට තුළ ඇති වූ ආපදා තත්ත්වය නිසා තවදුරටත් පුද්ගලයින් 173 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්.

එසේම ජනවාරි මස 25 වැනිදාට අදාළ වාර්තාවක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය දැනුම් දුන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

දිට්වා ගිහින් මාස ගාණකට පස්සේ ඇහෙන ඇඟ හිරි වැටෙන ඛේදවාචකයක් - ආපදාව මැද කරපු අහස පොළොව නුහුළන අපරාධයකට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

දිට්වා ගිහින් මාස ගාණකට පස්සේ ඇහෙන ඇඟ හිරි වැටෙන ඛේදවාචකයක් - ආපදාව මැද කරපු අහස පොළොව නුහුළන අපරාධයකට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 649 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉන් වැඩිම පිරිස නුවර දිස්ත්‍රික්කයේ වන බවත් ය.

එම සංඛ්‍යාව 243ක් ලෙස වාර්තා වේ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 89 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 81 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

තවද සුරක්ෂා මධ්‍යස්ථාන 85ක පුද්ගලයින් 6,680 දෙනෙකු රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

මහ පොළොව කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක්

මහ පොළොව කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක්

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න