ජංගම දුරකථන නිසා එන භයානක රෝගයක් - නව යොවුන් වියේ ළමුන්ට විශේෂයි

Report

ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම නිසා ඇතැම් නව යොවුන් වියේ ළමුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ළමා හා යෞවන මනෝ වෛද්‍ය විශේෂඥ සේනානි විජේතුංග මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන් කළේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

වයස අවුරුදු 16ත් 22ත් අතර අය ගැන භයානක ආරංචියක්

වයස අවුරුදු 16ත් 22ත් අතර අය ගැන භයානක ආරංචියක්

ඒ අනුව ඇය සඳහන් කළේ, "කොවිඩ් සමයේ සාමාජයේ හමුවෙන්ව බැරි වීමත් සමඟ පාසල්වල අධ්‍යාපනය කෙරුණේ Online හරහා. එතකොට දරුවන් නොදැනුවත්ව මේ දුරකථන අධි භාවිතයට පුරුදු වුණා. දැන් එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ සායනවලට පවා ඇතුළත් කරන්න වෙලා තියෙනවා. මේ වගේ ඇබ්බැහිවීම් තුළින්." යනුවෙන්.

එසේම ඇය පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ නව යොවුන් වියේ ළමුන්ද ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවයි.

ඊට අමතරව අවුරුදු 13 සිට 18 දක්වා වයස්වල දරුවන් සායන සඳහා යොමුකර ප්‍රතිකාර කරන අතර එය සමාජයේ ගැටලුවක් බවට පත් වෙමින් පවතින බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක් හේතුව මෙන්න

ඔයාටත් මේ ලක්ෂණ තියෙනවද - සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක් හේතුව මෙන්න

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්