දිනකට විදුලිය ගිගාවොට් පැය දෙකක් රටට අහිමි වෙලා - පාඨලීගෙන් සැර කතාවක්
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දිනකට ගිගාවොට් පැය දෙකක් රටට අහිමිවී ඇතැයි පවසයි.
ආන්දෝලනාත්මක ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සිදුවූ පාඩුව, අදාළ සමාගමෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන දඩය මෙන් දෙගුණයකට ආසන්න බවය.
අද උදේ 09.30ට නාමල්ට CID එන්න කියලා පොලීසියෙන් දැන්වූවේ උදේ 09.50ට ඇවිත් - ඒකත් නාමල් ඉන්දියාවේ ඉද්දී - සාගර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයිප්‍රකාශ කළේය. එම ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
මේ අතර බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කළ නොහැකි බවය.
එමෙන්ම ගල්අඟරුවල ප්‍රමිතියේ අඩුවක් ඇත්නම් එම සමාගමෙන් දඩ අයකරගත හැකි බව දබලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.