වෙළෙඳ ප්‍රජාව උණුසුම් වෙයි! ඇමති වසන්තට කට උත්තර නැහැ

Report

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ (31) පැවති සාකච්ඡාවකදී, රජයේ තීරණයට එරෙහිව වෙළෙඳුන්ගෙන් බලවත් විරෝධයක් එල්ල වුණා. දිවයිනේ ප්‍රමුඛ ආර්ථික මධ්‍යස්ථාන පහක් (දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට) පරිපාලනයෙන් ඉවත් කර නව සමාගමක් යටතට පැවරීමේ රජයේ තීරණයට වෙළෙඳ ප්‍රජාව දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් බියන්විල මහතා, රාජ්‍ය නිලධාරීන්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගම් සාමාජිකයින් සහ කළමනාකරණ භාරයේ නිලධාරීන් සහභාගී වී තිබෙනවා.

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

නව සමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීම තුළින් මෙම මධ්‍යස්ථාන පාලනය කිරීමේ තීරණය පිළිබඳව වෙළෙඳුන් දැනුවත් කිරීම මෙහි අරමුණ වුණා. කෙසේ වෙතත්, වෙළෙඳුන් අමාත්‍යවරයාට සෘජුවම දන්වා ඇත්තේ, මෙම ආර්ථික මධ්‍යස්ථාන වසර 35කට වැඩි කාලයක් තමන් විසින් පවත්වාගෙන ආ බවත්, කිසිදු දැනුම්දීමකින් තොරව නව කණ්ඩායම් පත් කිරීමට ඉඩ නොදෙන බවත්ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම සමාගම ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කර සාධාරණ වෙළෙඳපොළක් ජනතාවට ලබාදීම සඳහා බවයි. ලබන මාසයේ සිට මාසික බදු මුදල් සහ පරිපාලන කටයුතු මෙම සමාගමට ගෙවිය යුතු බවත්, ගොවීන්ගේ හෝ වෙළෙඳුන්ගේ අයිතිය අහිමි නොවන බවත් ඔහු සඳහන් කළා.

මීලග ජනපති සජිත් ප්‍රේමදාසද? නාමල් රාජපක්ෂගේ ජනපති සිහිනයට මොකද වෙන්නේ?

මීලග ජනපති සජිත් ප්‍රේමදාසද? නාමල් රාජපක්ෂගේ ජනපති සිහිනයට මොකද වෙන්නේ?

කෙසේ නමුත්, වෙළෙඳුන්ගෙන් තදින්ම විරෝධය එල්ල වුණා. ඔවුන් පෙන්වා දුන්නේ, මෙම මධ්‍යස්ථාන වසර 30කට අධික කාලයක් ශක්තිමත් කළමනාකරණයක් යටතේ පවත්වාගෙන ආ බවත්, දඹුල්ල මධ්‍යස්ථානය රජයෙන් මුදල් ලබා නොගෙන සංවර්ධනය කර රුපියල් කෝටි 25ක මුදල් ඉතිරි කර ඇති බවත්ය. එසේම, පොලී රහිත ණය, බීජ ආදිය ගොවීන්ට ලබාදෙමින් මෙය පවත්වාගෙන යන බවත් ඔවුන් කීවා.

වෙළෙඳුන් චෝදනා කළේ, මින් පෙර කැබිනට් අනුමැතිය ලබාගත් සමාගමේ නාමය සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා කටයුතු කළ බවයි. මේ සඳහා නව කැබිනට් අනුමැතියක් නොලැබුණු බවත් ඔවුන් පෙන්වා දුන්නා. ඊට අමතරව, මෙම සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළා.

සාකච්ඡාව උණුසුම් වුණු අවස්ථාවකදී, වෙළෙඳුන් අමාත්‍යවරයාට සිහිපත් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ලබාදෙන බව පැවසූ බවයි. කෙසේ වෙතත්, අමාත්‍යවරයා ඊට පිළිතුරු නොදුන්නා.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවට “ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි”

ප්‍රථම වරට ශ්‍රී ලංකාවට “ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි”

මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේ, කැබිනට් අනුමැතිය ලැබුණු සමාගමේ නාමය පසුව වෙනස් කළ බවත්, ඊට නව අනුමැතිය ඉදිරියේදී ලබාගන්නා බවත්ය.

අවසානයේදී, වෙළෙඳුන්ගේ දැඩි විරෝධය හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ පිළිබඳව තවදුරටත් සලකා බලා ඉදිරි දිනයකදී සමාගම සහ වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න