මීලග ජනපති සජිත් ප්‍රේමදාසද? නාමල් රාජපක්ෂගේ ජනපති සිහිනයට මොකද වෙන්නේ?
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාට මෙරට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි.
2029 වසරේදී පවා නාමල් රාජපක්ෂ මහතාට බලයට පැමිණීමේ හැකියාවක් නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බලය ලබා ගත හැකි මට්ටමේ පේන තෙක් මානයක සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
වර්තමාන ජනාධිපතිවරයාට රට පාලනය කල නොහැකි බවත් ඔහුට 2029ට පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවත් ඔහු පවසා ඇත.