මේ පළාත් හා දිස්ත්‍රික් සඳහා විශේෂ දැනුම්දීමක් - අද හවස 100MM ඉක්මවූ වැසි සමඟ ප්‍රබල අකුණු
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70ක පමණ තද සුළං සමඟ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත.
අද (08) පස්වරු 1.00ට නිකුත් කරන ලද මෙම විශේෂ කාලගුණ නිවේදනය හෙට (09) පෙරවරු 1.00 දක්වා බලපැවැත්වේ.
අකුණු සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.