ප්‍රථම වරට ශ්‍රී ලංකාවට “ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි”
ඊජිප්තුවේ පැවති 53 වැනි "මිස් ඉන්ටකොන්ටිනෙන්ටල්" (Miss Intercontinental) රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හංසනා බාලසූරිය මෙනවියට පළමු වරටත් හිමිවූ "ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි" (Strength and Harmony) සම්මානය දිනාගැනීමේ ජයග්‍රහණය සමරමින් ඇය අද (01) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ලෝකයේ රටවල් 56ක් නියෝජනය කරමින් රූ රැජිනියන් සහභාගී වූ මෙම තරගාවලිය ඊජිප්තුවේ ෂහාල් හෂීෂ් නගරයේදී පසුගිය ජනවාරි 14 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වුණා.
තරගාවලියේ විනිශ්චය මණ්ඩලය විසින් හංසනා මෙනවියගේ බහුවිධ කුසලතා ඇගයීමට ලක් කළා. ඇය සතු විශිෂ්ට ගායන හැකියාව, චිත්‍ර නිර්මාණ කුසලතාව මෙන්ම කරාටේ කලු පටි තුන්වන ශ්‍රේණියේ ක්‍රීඩිකාවක් වීම සහ තායි මූයි තායි බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස දැක්වූ දක්ෂතාවයන් මෙම සම්මානයට හේතු වුණා.
මෙම සම්මානය ශ්‍රී ලංකාවට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, එය රටේ රූ රැජින තරගාවලි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.
හංසනා බාලසූරිය මෙනවිය දිවයිනට පැමිණීමත් සමග ඇයගේ ජයග්‍රහණය සැමරීම සඳහා රසිකයන්, මාධ්‍යවේදීන් හා රූ රැජින තරගාවලි ආශ්රිත ප්‍රජාව අතර උනන්දුවක් ඇති වී තිබෙනවා.


