වාහන ගන්න ඉන්න අයගේ බලාපොරොත්තුව අවුරුදු ගානකට බොද වෙයි

vehicles toyota Cars
By Sithumi Dec 14, 2021 06:10 PM GMT
Sithumi

Sithumi

Report

ලොව ජනප්‍රිය මෙන්ම වාර්ෂිකව වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන සමාගම වන ටොයෝටා සමාගම කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොවිඩ් වසංගත තත්ත්වයත් හේතුවෙන් එම සමාගමේ සැපයුම් ජාලවල ගැටළු ඇතිව ඇති බවත් මේ හේතුවෙන් එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ලව ඇත.

එම හේතුවෙන් ජපානයේ පිහිටි කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා තැබීමට ටොයෝටා සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද මේ වනවිට තාවකාලිකව වසාදමා ඇති අතර ඒ හේතුවෙන් ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් නිෂ්පාදනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙන්නේ. 

 කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නැවැත්වීමෙන් වාහන 14,000ක පමණ නිෂ්පාදනය නවතින බව ටොයෝටා සමාගම සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now