මොකක්ද මේ අරන්ගමුව කියලා කියන්නේ ?
යාල ජාතික වනෝද්‍යානයයේ තවත් එක් කලාපයක් සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීමට පරිසරය අමාත්‍යංශය තීරණය කොට තිබෙනවා.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර සිටියේ සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බවයි.
කෙසේ වෙතත් අදාළ තීරණයට අනුව ' අරන්ගමුව ' නමින් නව කලාපයක් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.
එසේම දැනට වසා දමා ඇති 03 සහ 04 කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අදාළ කලාපවල සංචාරයට පැමිණෙන සංචාරකයින් සදහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
යාල ජාතික වනෝද්‍යානයයේ මුළු භුමි ප්‍රමාණයෙන් දැනට සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000 ක ප්‍රමාණයක් පමණි. හෙක්ටෙයාර් ලක්ෂකයක් විශාල යාල වනෝද්‍යානය කලාප 06 කින් සමන්විත වේ . එසේම වනෝද්‍යානයට පිවිසීම සඳහා පිවිසුම් 6 පවතී. යාල කැලෙන් අලුත් කොටසක්
