ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛාව ඉහළ යයි.

By Hashini Sep 21, 2023 08:59 AM GMT
Report

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුළ සංචාරකයින්ගේ පැමිණීම 26%ක වර්ධනය වී ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් නව ලක්ෂ 70,006 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම සැප්තැම්බර් මස පළවනදා සිට 17 වනදා දක්වා කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 65,688ක් .

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සැප්තැම්බර් 17 වන දින පමණක් සංචාරකයින් 3545ක් දිවයිනට පැමිණ ඇති බවයි.