මේ වසරේ රටට සුබයි වගේ වාර්තාගත සංචාරක පැමිණීමක්

Report

 2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ .

ඒ වගේම එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී තිබේ එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

මේ දින 25 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603ක් ලෙස වාර්තා වී ඇත.

මීට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ. 

අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව අද

අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව අද