සංචරණ සීමා උල්ලංඝනය කරමින් විශාල පිරිසක් විවිධ ප්‍රදේශ වල සංචාරය කරයි..(VIDEO)

Sri Lanka Tourism
By Aruna Oct 17, 2021 09:30 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශීය සංචාරකයින් ඇල්ල සංචාරක කලාපයට පැමිණ ඇති ආකාරය අද (17) පෙරවරුවේ දක්නට ලැබුණි.

මෙම සති අන්තයේ සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් එලෙස පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සංචාරක ස්ථාන වෙත පැමිණ තිබේ.

එහි පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවල දැකගත හැකි විය.

එමෙන්ම ඇතැමුන් මුහුණු ආවරණ හෝ නොපැලඳ කටයුතු කරන ආකාරය ද දක්නට ලැබුණි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඇල්ල සංචාරක කලාපයේ සංචාරක හෝටල් බහුතරයක් මේ වනවිටත් සංචාරකයින්ගෙන් පිරීගොස් ඇති බවය.

මේ අතර උසස් පෙළ විභාගයට පෙනීසිටින කොළඹ දිස්ත්‍රික්කයේ සහ කොළඹ ඇතුළු අධ්‍යාපන කලාප 3ක පාසල් දරුවන් වෙත ෆයිසර් එන්නත ලබාදීම අදත් සිදුකෙරේ.

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 01කෝටි 27 ලක්ෂ 68,759කි.

මේ අතර, කොටගල පෙරපාසල් ගුරුවරුන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන පාලිකාවන් 10දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වි තිබේ.

පෙරේදා (15) දිනයේ 57 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර තිබූ PCR පරීක්ෂණවල වාර්තා නිකුත්වීමත් සමග ඒ බව අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha