ඇතුළු තවත් සෙසු වෘත්තිය සංගම් හෙට වර්ජනයේ
සැළසුම් කළ පරිදි අද (14) මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වැඩ වර්ජන ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට දින වැඩ වර්ජනයට සහභාගි නොවීමට තීරණය කළ බවයි එම සංගම් ප්‍රකාශ කළේ.
දුම්රිය රියදුරු සංගමය ද වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසු වූ අතර, ඔවුන් මේ වනවිට තීරණය කර ඇත්තේ අද පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගැනීමටයි.
වෛද්‍යවරුන්ද ඊයේ සහ අද දිනයේ පළාත් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් වැඩ වර්ජනයක නිරත වුණා.
එසේම වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර සිටියේ හෙට දින දැවැන්ත වැඩ වර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.
එවන් පසුබිමකයි දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයෙන් මෙලෙස ඉවත් වී ඇත්තේ.
