රුදුරු කාලගුණය - ජනතාවගෙන් ඉල්ලීමක්
By Ashfa
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල උදෑසන කාලයෙදි ද වැසි ඇති විය හැක. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයෙදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළ මඟින් සිදු විය හැකි අන්‍යතුරු, අවම කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.