ආයේ eZCash සහ mCash භාවිතා කරලා මේ ගණුදෙනු තහනම් - නව නීතියක්

Report

කැබිනට් මණ්ඩලය විසින් eZCash සහ mCash මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වලට අදාල මුදල් හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ යෝජනාව අනුමත කර ඇත.

අදාල ක්‍රම මගින් සිදු කරනු ලබන ගනුදෙනු හරහා, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා මුදල් හුවමාරු කිරීම් අනාවරණය නොවන ආකාරයක් නිරීක්ෂණය වී ඇති අතර, එවැනි ගනුදෙනු වල නිරත පුද්ගලයින් නීතියේ අධීක්ෂණයට ගෙන ඒමට ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් ද පත් කර ඇත.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

ඒ අනුව එම කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පොලීසිය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව සකස් කරන දත්ත පද්ධතියක් හරහා, නීති විරෝධී කටයුතු වැලැක්වීමට සහ එවැනි කටයුතු වල යෙදෙන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන නායකයෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන නායකයෙකු මරුට