නාමල් උයන ජාතික උරුමයක් බවට පත් කරයි

Report

ජාතික කැබිනට් මණ්ඩලය විසින් ජාතික නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවසන් අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරයක් වන, හෙක්ටයාර් 602 ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නාමල් උයන, සංරක්ෂිත වනාන්තරයක් ලෙස හඳුනාගත් අතර, ඉතා වැදගත් හා ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ස්ථානයක් බවත් සලකනු ලැබේ.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

නාමල් උයනේ පිහිටි රෝස තිරුවාණා කඳුවැටිය ශ්‍රී ලංකාවේ භූ-ස්වභාවික උරුමයක් ලෙස විශේෂත්වයෙන් යුක්ත වේ. එහි විශේෂිත ඛනිජ සහ විද්‍යාත්මක වටිනාකම, වියළි කලාපීය වනාන්තර පරිසර පද්ධතිය, පුරාණ බෞද්ධ ආරාමවල භූ දර්ශන සහ දිගු කාලීන සංස්කෘතික සම්බන්ධතා එකතුවක් ලෙස, භුවිද්‍යාත්මක, පාරිසරික සහ සංස්කෘතික උරුම වටිනාකම්වල අගය ඉතාමත් විශිෂ්ට ය.

අධ්‍යාපන චාරිකා හා උත්සව ගැන දැනුම්දීමක්

අධ්‍යාපන චාරිකා හා උත්සව ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ජාතික උරුම හඳුනා ගැනීම සඳහා පිහිටවන විද්වත් අනුකමිටුව විසින්, මෙම නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව නිර්දේශ කර තිබේ.