QR එකට පිටින් යන ෂෙඩ්වලට වැඩ වරදින ලකුණු

Report

 දැනට ක්‍රියාත්මක ක‍ර තිබෙන QR ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කර තිබේ.

 සභාපතිවරයා ඉල්ලීමක් කර ඇත්තේ එවැනි පිරවුම්හල් සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් පොලීසියට හෝ තෙල් සංස්ථාවට තොරතුරු ලබාදෙන ලෙසයි.

  ඩී. ජේ. රාජකරුණා මහතා තව දුරටත් සදහන් කරන්නේ බොරතෙල් නැවක් ඉදිරියට තහවුරු කරගන්නා තුරු රටට ඉන්ධන ලබාගැනීමේ යම් අවදානමක් තිබෙන බවයි.

බදාදාට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක්

බදාදාට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක්

මෙම තත්ත්වය පාලනය කර ගත යුතු බවත් ඒ අනුව QR කේතය භාවිත කිරීම අනිවාර්යය වන බවත් එතුමා සදහන් කරයි.

තව දුරටත් මේ සම්බන්ධව එතුමා සදහන් කළේ මෙවන්  අදහසක්  

"ජනතාවට කියන්නේ කවුරු හරි ජාවාරමක යෙදෙනවා නම්, ඒ ඔබගේ අයිතිය තමා නැති කරන්නේ. ඒ නිසා වහාම එයට ක්‍රියාත්මක වෙන්න. තෙල් ගබඩා කරලා තියෙනවා නම් කොහේ හරි ඒක සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී. ඒ ගැන තොරතුරු දෙන්න. අද ඉඳලා පොලීසිය දාලා තියෙන්නේ. දැන් QR එකට විතරමයි නිකුත් කරන්නේ. ඊයේ තිබුණ තාක්ෂණික ගැටලු එක්ක නිදහසට කරුණක් ලැබිලා තිබුණා. දැන් ඒ කාරණා සියල්ල නිවැරදි වෙලා තියෙන්නේ. QR එකෙන් පිට කොහේ හරි ගහනවා නම් ඒ ගැන විස්තර වහාම තෙල් සංස්ථාවට හා ළඟම පොලීසියට වහාම කියන්න. අපි ඒකට සම්පූර්ණයෙන්ම මැදිහත් වෙනවා. අපි පිරවුම්හල් හිමියන්ටත් දැනුම්දීමක් කරලා තියෙන්නේ. තියෙන සහ ලබාදුන් ඉන්ධන ප්‍රමාණයන් අතර වෙනසක් ආවොත් අනිවාර්යයෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. ලයිසන් එක කැන්සල් කරන එක දක්වා යනවා. එහෙම නොකර ජනතාවට සාධාරණය ඉටුකරන්න බෑ.,,

Q R වැඩේ හරියට කරන්න බැයිනම් කාංචනට බාරදෙන්න මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුව උණුසුම් කරයි

Q R වැඩේ හරියට කරන්න බැයිනම් කාංචනට බාරදෙන්න මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුව උණුසුම් කරයි