ජනාධිපති අද රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක්
පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන සිකුරාදා දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමටද බලාපොරොත්තු වන බවය.
"සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනවා කියලා දැනුම්දීලා තියෙනවා. අද රාත්‍රි 7.30ට මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයින් ඒ වෙලාව වෙනකොට පාර්ලිමේන්තුවේ රැඳී සිටියොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකුත් ඇතිකරගන්න. ජනාධිපතිතුමාගේ මට්ටමින් අදහස් දක්වන්න බලාපොරොත්තු නම් ඒ සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඒ අවස්ථාව ලබා දෙන්න."