රසම රස පැණි බුන්දි ගෙදරදිම හදමු...පොඩි වෙලාවකින් හදන හැටි මෙන්න.

Life style food Peni boondi Sweet boondi
By Subodha Feb 18, 2022 06:55 AM GMT
Subodha

Subodha

Report

පැණි බුන්දි

නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න අයට ඉක්මණින් හදන්න පුළුවන් රසම රස කෑමන් තමයි මේ පැණි බුන්දි කියන්නේ.

තේ බොන වෙලාවට නිදහසේ ගෙදර අය එක්ක ඉන්න වෙලාවට දරුවන්ට වගේම වැඩිහිටි සැමටම කන්න හොද රස කෑමක් තමයි  පැණි බුන්දි .

ලොකු පොඩි හැමෝම ආස කෑමක් වෙන පැණි බුන්දි හදන්නේ කොහොමද කියලා අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය -

⦁ කැකුළු හාල් පිටි 150g

⦁ පාන් පිටි 100g

⦁ කඩල පිටි 50g

⦁ සීනි 150 g

⦁ බේකින් පවුඩර් තේ හැදි 2ක්

⦁ වර්ණක - රතු, කොල, කහ

⦁ වතුර

⦁ ගි තෙල් සාදන අයුරු -

භාජනයක් ලිපේ තබා පළමුව සීනි හා වතුර එකතු කරගෙන හොදින්  උණු කර ගන්න.

අවශ්‍ය නම් එයට වැනිලා වැනි රස කාරකයක්ද එක්කර ගන්න.එවිට රසය ද වෙනස් වේ.

දැන් අපි බුන්දි මිශ්‍රණය සාදමු.

කැකුළු හාල් පිටි, පාන් පිටි, කඩල පිටි, බේකින් පවුඩර් තේ හැදි 2ක් පමණ දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න.

දැන් එයට වතුර ටික ටික දමා ගොඩක් ගණකම් නොවන ලෙසත් දියර නොවන ලෙසත් වතුර දමමින් හෙදින් මිශ්‍ර කර ගන්න .

පසුව එයට ඔබට අවශ්‍ය වර්ණක යොදා ගන්න.

දැන් භාජනයක් ලිපේ තබා එයට ගිතෙල් එක්කර ගන්න රත්වු පසු එයට හිල් සහිත හැන්දකින් බුන්දි මිශ්‍රණය දමමින් හොදින් බැද ගන්න .

බැදගත් පසුව එය සාදාගත් සිනි සිරප් එකට දමා ගෙන වෙනත් භාජනයකට ඉවත් කර ගන්න.

පසුව එය නිවෙන්නට හැර ඔබේ ප්‍රියයන්ට රස බැලිමට පිලිගන් වන්න.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%