දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පකිස්තානුවන් - ලංකාවම හඬවමින් දෙවන තරගයෙත් බලාපොරොත්තු සුන් වෙයි.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka Pakistan Pakistan national cricket team
By krishani Oct 10, 2023 05:12 PM GMT
krishani

krishani

Report

අද (10) හයිද්‍රාබාද් හි, රාජිව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අට වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය පැවැත්විණ.

එහිදී කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනාගනු ලැබීය.

ලෝක කුසලානයක ශ්‍රී ලාංකිකයෙක් ලබාගත් වේගවත්ම ශතකයක් ඉතිහාස ගත වෙයි - ඒත් එක්කම ක්‍රීඩා පිටියෙන් ක්‍රිකට් ලෝලීන්ට ඇහෙන තවත් සතුටුදායක ආරංචියක්.

ලෝක කුසලානයක ශ්‍රී ලාංකිකයෙක් ලබාගත් වේගවත්ම ශතකයක් ඉතිහාස ගත වෙයි - ඒත් එක්කම ක්‍රීඩා පිටියෙන් ක්‍රිකට් ලෝලීන්ට ඇහෙන තවත් සතුටුදායක ආරංචියක්.


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 48 යි පන්දු 2 දී කඩුලු 4 දැවී ලකුණු 345 ක් ලබා ගත් අතර Abdullah Shafique ලකුණු 113 ක් ද ,Mohammad Rizwan ලකුණු 131 ක් සහ Saud Shakeel ලකුණු 31 ක් පාකිස්ථානය වෙනුවෙන් ලබා ගත්තේ ය.

ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී දිල්ශාන් මධුශංක කඩුලු 02 ක් ද මතීෂ පතිරණ කඩුලු 01 ක් ද, මහීෂ පතිරණ කඩුලු 01 ක් ද ලබා ගත්තේ ය.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්තානය සමත් විය. 

කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කෙරේ..!

කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කෙරේ..!


GalleryGalleryGalleryGalleryGallery
ReeCha