ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

Horoscope Astrology Lagna Palapala Sinhala news
By Hashini Jun 06, 2025 11:40 PM GMT
Hashini

Hashini

Report

 මේෂ ලග්නය

රාජකාරි මෙන්ම බාහිර ක්‍රියාකාරකම් ද බහුල වන අතර අවිවේකය නිසා ම අතපසුවීම් යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර උත්සව සාද යෙදේ. සෙම් බහුල රෝග උෂ්ණ රෝග මතුවේ.

වෘෂභ ලග්නය

දුර ගමන් බිමන් සංවිධාන කිරීම් හෝ යෙදෙන දිනක. අවිවේකීය. තම ඥාති මිත්‍රාදීන් සමග එක්ව ක්‍රියාකරයි. ඔවුන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. මුත්‍රා රෝග උෂ්ණ රෝග මතුකරයි.

 මිථුන ලග්නය

විනෝදකාමී ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රේම සබඳතා ද ඇති වෙයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාකාරකම් ද යෙදේ. තරමක් බලාපොරොත්තු රහිත ලෙස වැය ඉහළයි. වාත රෝග නහර වේදනා මතුවේ.

 කටක ලග්නය

ගමන් බිමන් තරමක් බහුල වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදෙන තරමක් මිල මුදල් වැයවන දිනකි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. සන්ධි පීඩා උෂ්ණ රෝග මතුවේ.

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

 

 සිංහ ලග්නය

තරමක් කලබලකාරී දිනකි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. ප්‍රීති සාදවලට හේතුයි. නවක මිතුදම් මතුවෙයි. ප්‍රේම සබඳතා මතු කරයි. හදිසි ධන ලාභ ලැබීම් වේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

 කන්‍යා ලග්නය

ශුභා ශුභ ඵල දෙයි. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු රහිත ගමන් බිමන්වලට ද හේතුයි. හදිසි ධන ලාභ ලැබීම් වෙයි. ආහාර විෂ වීම්වලට හේතුයි.

තුලා ලග්නය

අවිවේකී දිනකි. රාජකාරිවලදී ප්‍රබෝධමත්ව ක්‍රියා කරයි. විනෝදජනක කටයුතු ප්‍රීති සාද වැනි දේවලට හේතුයි. වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ.

 වෘශ්චික ලග්නය

ශුභා ශුභ ඵල මතුකරයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. තම නිවසේ උත්සව ශ්‍රියාවක් මතු කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම් ඇතිවෙයි. හදිසි රෝගවලට හේතුයි.

ජනතාවට විශේෂ නිවේදනයක් !! සෞඛ්‍ය අංශයෙන්

ජනතාවට විශේෂ නිවේදනයක් !! සෞඛ්‍ය අංශයෙන්

 ධනු ලග්නය

ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීති සාද යෙදේ. දාන ශීලාදි ගුණධර්ම දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ආගමික උත්සවවලට සහභාගි වෙයි. හදිසි ලාභ ලැබීම්වලට ද හේතුයි. සෙම් කෝප රෝග මතුවේ.

මකර ලග්නය

අවිවේකී බවක් දෙන දිනකි. ආගමික චාරිත්‍ර ගරු කරන අතර තම ඇසුරින් දුරස්ථ වූවන් ඇසුරට පත්වන ක්‍රියාද යෙදෙන සුහදතාවර්ධන ක්‍රියාවන් දියත් කරයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

කුම්භ ලග්නය

ශුභවාදී ඵල මතුකරයි. මංගල සාද යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණවගාවන්වල යෙදෙන අතර දානමානාදි පුණ්‍ය ක්‍රියාවන්හි ද යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. වාතාධික රෝග ඉස්මතු වෙයි.

මීන ලග්නය

වන්දනා ගමන් බිමන් යෙදේ. දානශීලාදි ගුණධර්මවල යෙදෙන අතර පරෝපකාරව ක්‍රියාකරන දිනකි. මිල මුදල් තරමක් වැයවේ. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. සෙම් ආසාදන රෝග මතුකරයි.  

මහජන බැංකුවෙන් පාරිභෝගිකයන්ට අති විශේෂ නිවේදනයක්

මහජන බැංකුවෙන් පාරිභෝගිකයන්ට අති විශේෂ නිවේදනයක්

ReeCha