ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද.

Report

අද (09) මොරොක්කෝවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම සමුළුවට රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්වීමට නියමිතයි.

සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇතිකරගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීමට මෙම සමුළුව අවස්ථාවක් කරගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 වසරේ දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි විශ්වාස කරන බවයි.