අද ජාත්‍යන්තර සාක්ෂරතා දිනයයි - මෙවර තේමාව ”ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය”
ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී ඇත.
සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරනු ලබන්නේ, සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා වේ .
මෙවර එහි තේමාව වන්නේ ”ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය” යන්නයි.
මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල සඳහන් වී තිබේ.
මෙරට පුද්ගලයින්ගේ ඩිජිටල් හා පරිඝනක සාක්ෂරතාවය ඉතා ඉහළ අගයකින් වැඩිදියුණු වී ඇති බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න මහත්මිය සදහන් කර තිබේ.
ඒ අනුව වසර 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6%ක් ලෙස වාර්තා වී ඇත පරිඝනක සාක්ෂරතාවය වාර්තා වන්නේ 34.7%ක් ලෙසයි.