වසර 38කට පසු ලංකාවට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙක් එයි - හේතුව මෙන්න
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයකට අද (08) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10 වන දින තෙක් මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ඒ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන්.
ඒ අනුව මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව ඇත.
මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉකුත් වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේ දී සමාලෝචනය කරනු ඇති බවයි.
එසේම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයක්.
එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.
මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.