කිසිම වෙලාවක තමාට අයත් බැංකු ගිණුමක් බාහිර පාර්ශවයකට දෙන්න එපා - දඬුවම් ලැබිය හැකි වරදක් බව දන්වයි

Report

විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක දසදහසක් පමණ යොදා ගනිමින් අන්තර්ජාලය හරහා කළ කෝටි ගණනක මූල්‍ය වංචාවන් ගණනාවක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වංචා විමර්ශන අංශ සමත් වී තිබෙනවා.

ඒ අනුව පොලිස් විමර්ශන මඟින් හෙළි වී ඇත්තේ වංචාකරුවන් රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු කර ඇත්තේ කුලී පදනම මත හා මුදල් ගෙවා මිලදී ගත් අන්සතු බැංකු ගිණුම්වලින් බවටයි.

එසේම ලාභ ලබන ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන ඉන් ලැබෙන කොමිස් මුදල් ගිණුම්වලට බැරකරන බව කියමින් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් පසුව එම ගිණුම්වලට යම් මුදලක් බැරකරමින් ගිණුම් හිමියාගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ඉන්පසු ගිණුම් හිමියාගේ ‘පින් අංක’ ඇතුළු ගිණුමේ රහස් තොරතුරු සූක්ෂ්ම ආකාරයට ලබාගන්නා මෙම කල්ලි එම ගිණුම් අංක මහා පරිමාණ මූල්‍ය අපරාධ සඳහා යොදා ගන්නේ ගිණුම් හිමියාට අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවන ලෙසටයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් එවැනි ආකාරයේ පැමිණිලි 500 ක පමණ ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබෙන අතර බොහෝ දෙනෙක් බැංකු ගිණුම් අන්සතු කර වංචාවකට ආධාර අනුබල දීමේ චෝදනාව මත නීතිය ඉදිරියේ අසරණ වී සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.

එසේම අන්තර්ජාල වංචාකරුවන් විසින් නිවසේ සිට ආදායම් උපයාගන්නා ව්‍යාපාරවලට එක්වන ලෙසට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකරමින් මේ සඳහා පුද්ගලයන් ඒකරාශී කරගන්නා බවද විමර්ශන රැසකින්ම හෙළිව තිබෙන බව සඳහන්.

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

අද මේ අධ්‍යාපන කලාප යටතේ ඇති පාසල්වලට විශේෂ නිවාඩුක් - හේතුව මෙන්න

අඳාළ වංචනිකයන් පවසන්නේ තමන් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම සහිත සමාගම් හා ව්‍යාපාර සමඟ ගනුදෙනු කරන බව සහ ඉන් ලැබෙන ලාභාංශවලින් කොටසක් ගිණුම් හිමියන්ට ලබාදෙන බවයි.

අවසානයේ ක්‍රිප්ටෝ කරන්සි මඟින් විදෙස් රටවල ජාවාරම්කරුවන් අතට එම ගිණුම් අංක පත්වේ. එමෙන්ම එම ගිණුම් අංක භාවිත කරමින් විවිධ මූල්‍ය අපරාධ සිදුකරන බව සඳහන්.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ දේශීය ගිණුම් හිමියන් අවසානයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වංචාවට ආධාර අනුබල දීමක් කරන අතර ඔවුන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට ද සිදුවන බවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ කිසිදු ආකාරයකින් තමාට අයත් බැංකු ගිණුමක් බාහිර පාර්ශ්වයකට අන්සතු කිරීමක් නොකරන ලෙසයි.

ඒ ආකාරයෙන් අන්සතු කිරීම් හේතුවෙන් අන්තර්ජාල මුදල් වංචාවලට ආධාර අනුබල දීමේ වරදට නිකරුණේ දඬුවම් ලැබීමට සිදුවන බව‍යි.  

මම අද රෑත් ජීවතුන් අතර ඉන්නවා, සම්පූර්ණයෙන්ම එක මිනිසෙකුට ස්තූතිවන්ත වෙන්න.. දිනුම පසෙක තබා ගිනිගත් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ඔහුට ලෝකෙන්ම පැසසුම්

මම අද රෑත් ජීවතුන් අතර ඉන්නවා, සම්පූර්ණයෙන්ම එක මිනිසෙකුට ස්තූතිවන්ත වෙන්න.. දිනුම පසෙක තබා ගිනිගත් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ඔහුට ලෝකෙන්ම පැසසුම්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්