මාධ්‍ය ක්ෂේත්රයට ඉහළ ප්‍රමිතියක් ගේන්න හදපු පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්
By Kanchana
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත
ඒ අනුව එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට දැනුම්දී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ
මෙම පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතව ඇත .
මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබේ