විදුහල්පති හිඟයට විසඳුම්- විදුහල්පතිවරුන් 4,000ක් අලුතින් සේවයට
By Kanchana
ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
පසුගියදා පැවැති විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ඔවුන් බඳවා ගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කර තිබේ .
බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් වෙනුවට රාජකාරී සිදු කරනු ලබන්නේ වැඩ බලන ගුරුවරුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ .