විදුලි රැහැනක ගැටුණු කුඩා ගුවන් යානය පාරට කඩා වැටෙයි- නියමුවා ජීවිතක්ෂයට
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටයිටස්විල් නගරයේ Space Coast ගුවන්තොටුපොළ ආසන්නයේ කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා මියගොස් ඇත.
එක් එන්ජිමකින් සමන්විත මෙම ගුවන් යානය, ගුවන්තොටුපොළ ආසන්නයේ මාර්ගයකට කඩා වැටීමට පෙර විදුලි රැහැනක ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් පවසා තිබේ.
අනතුරෙන් පසු ගුවන් යානය ගිනි ගෙන ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අදාළ මාර්ගය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mooney M20F වර්ගයේ ආසන හතරකින් යුත් ප්‍රොපෙලර් ගුවන් යානයක් බව අමෙරිකාවේ ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB) සදහන් කර තිබේ
තවද අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ ගුවන් නියමුවා පමණක් වන අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති බව ටයිටස්විල් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත
ඒවගේම අනතුරෙන් පසුව අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම ද විසන්ධි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ
මෙම අනතුර සිදුව ඇත්තේ මයිඇමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට පත්වී පැය 24කටත් අඩු කාලයකදී වීම විශේෂත්වයකි.
එම අනතුරෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.