අද විශේෂ දිනයක්....මෙන්න හේතුව

By Hashini Apr 27, 2025 04:31 AM GMT
Report

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා දීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ සිට පස්වරු 6.00 දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම සිදුකරන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසුවේ.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් කිරීමට නියමිත බවයි.

ඒ අනුව එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවත් මැතිවරණ කොමිසම පැවසීය.

 

සෑම වසරකම ගුරුවරුන් 7500ක් විශ්‍රාම ගියත් බඳවා ගන්නේ 4000 - අගමැතිනිය කියයි

සෑම වසරකම ගුරුවරුන් 7500ක් විශ්‍රාම ගියත් බඳවා ගන්නේ 4000 - අගමැතිනිය කියයි