අද රටේ රන්මිල මෙන්න - වෙනස් වුණ රන්මිල
අද (2026.04.26) විදේශ වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,708.69 ක් ලෙස සටහන් විය.
ඒ සමඟම රිදී මිල ද ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර රිදී අවුන්සයක මිල ඩොලර් 75.69 ක් ලෙස සටහන් වී තිබේ. ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය දේශපාලන චලනයන් මෙම මිල වෙනසට ප්‍රධාන හේතු වීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වෙනස් වීම ශ්‍රී ලංකා වෙළෙඳපොළේ අස්ථාවරත්වයට සහ රන් මිලට හේතු වන බව ආර්ථික පර්යේෂකයින් පෙන්වා දෙයි.
එසේම, රන් මිලදී ගැනීමට බලා සිටින අයට රන් මිලදී ගැනීමේදී මිල වෙනස්වීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව කැරට් 24 රන්මිල රු.48,279 හා කැරට් 22 රන්මිල රු.44,250ක් හා කැරට් 21 රන්මිල රු.42,230ක් ලෙස වාර්තා වේ.