බන්ධනාගාර ඇතුළෙ වෙන දෙයක් ගැන.. ජනපති අනුර කුමාර වහා නිළධාරීන්ට දුන්න උපදේසය..(PHOTOS)
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ය.
ඒ අනුව මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එයට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
කෙසේ වෙතත්, එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,
You May Like This Video👇
.