ඔබත් නිතරම ආතතියෙන් ද ? එහෙන්ම් මෙන්න විනාඩි 2න් ආතතිය නැති කර ගන්න විධි 2ක්

By Hashini Apr 21, 2025 09:31 AM GMT
Report

 ආතතිය කියන්නේ අපි හැමෝම අඩු වැඩි වශයෙන් මුහුණ දෙන දෙයක්.

ඔෆිස් එකේ වැඩ, ළමයින්ගේ වැඩ, ගෙදරදොරේ වැඩ මේ දේවල් එක්ක ජීවිතය ගෙනියද්දි අපිට සමහර වෙලාවට ආතතිය ඇති වෙන්න පුළුවන්.

මෙහෙම පීඩනයක් එක්ක අපේ එදිනෙදා වැඩ කරගෙන ගියොත්, තවත් වැඩ අවූල් වෙලා තව තවත් ආතතිය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය

තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය

මේ නිසා අපිට අනවශ්‍ය ලෙස තරහා යන්න, බැන වැදෙන්න පුළුවන්. ඒ වගේම මේ අනවශ්‍ය කෝපය නිසා ඔයාගේ මනසට මෙන්ම ශරීරයත් දැනෙන අපහසුතාව ගැන ඔයාලත් අත්දැකීමෙන් දන්නවා ඇති.

ආතතිය,පීඩනය, කෝපය අඩු කරගන්න භාවනා කරන්න, එකේ ඉදන් සියයට ගණන් කරන්න කියලා  කියනවනේ.ඔයත් ඕවා කරලා බැලුවද? හරි ගියේ නැද්ද ? ඒ නිසාමයි අපි අද ආතතිය නැති කරගන්න විධි ගැන කතා කරන්න හිතුවේ. මේ ක්‍රම හැම එකක්ම අත්හදා බලලා සාර්ථක වුණු ක්‍රමයන්.

 තමන්ට සාර්ථකව ප්‍රතිඵල ලබා දෙන එක ක්‍රමයක් තෝරගෙන නිතරම එක ආතතිය සමනය කර ගැනීමට භාවිතා කලොත්, කල් යද්දී ඔයාලට මේ වැඩේට විනාඩි 2 කට වඩා අඩු කාලයකින් කරල අවසන් කරන්න පුළුවන් වෙයි. ඔබත් මේ ක්‍රම අනුගමනය කරලා ආතතියෙන් මිදෙන්න

හිටපු ජනාධිපති CID එයි

හිටපු ජනාධිපති CID එයි

පලවෙනි ක්‍රමය

Step 1 -උඩූකය කෙලින් තබාගෙන්න.

Step 2 -එක නාස් පුඩුවක් ඇගිලි දෙකකින් වසා අනිත් නාස්පුඩුවෙන් දිග හුස්මක් ගන්න.

Step 3 -දැන් වසාගෙන සිටි නාස්පුඩුව ඇර ආශ්වාස කල නාස්පුඩුව වසා, ඉහලට ගත් වාතය පහත හෙලන්න.

මෙය එක් නාස් පුඩුවකට 5 වර බැගින් 10 වරක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.

දෙවැනි ක්‍රමය

Step 1 – ගැඹුරු හුස්මක් දෙකක් ගන්න.

Step 2- ඔබ අවට ඔබට පේන දේවල් 5 හදුනාගන්න.

Step 3- ඔබ අවට ඔබේ ශරීරයට දැනෙන දේවල් 4ක් හදුනාගන්න.

Step 4- ඔබ අවට ඔබටඇහෙන දැනෙන දේවල් 3ක් හදුනාගන්න

Step 5- ඔබ අවට ඔබේ නාසයට දෑනෙන සුවද වර්ග 2 ක් හදුනාගන්න

Step 6 – ඔබට දුරින්ම තියෙන/පිහිටි දෙය හදුනාගන්න.  

චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්