සිංහයෙකුගේ පහර දීමකින් දැරියක් ජිවිතක්ෂයට - සිරුර හමු වූ තැන
Death
World
By Hashini
කුඩා දැරියක් සිංහයෙකුගේ පහර දීමකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පුවත වාර්තා වන්නේ කෙන්යාවේ නයිරෝබි නගරයෙන්.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක දැරියක්.
මෙම සිංහයා නයිරෝබි ජාතික වනෝද්‍යානය අසල ගොවිපලක නේවාසික පරිශ්‍රයකින් දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
KWS රේන්ජර්වරුන් අසල පිහිටි Mbagathi ගඟට යන මාර්ගය අසලදී සිංහයා විසින් පැහැරගෙන ගිය දැරියගේ සිරුර හමුවී ඇති අතර සිංහයා තවමත් හමු වී නොමැත.
කෙසේ වෙතත් එරට වනජීවී සේවය පවසා සිටියේ උගුලක් අටවා සත්වයා සෙවීම සඳහා සෝදිසි කණ්ඩායම් යොදවා ඇති බවයි.
