පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය පළ කර ඇත.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින්, ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උන් වහන්සේගේ අභාවය ගැන තම ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
සාමය, දයාව සහ මානවත්වය වෙනුවෙන් උන් වහන්සේගේ අඛණ්ඩ කැපවීම ලෝකයේ නොමැකෙන ලකුණක් තබා ඇති බව ජනාධිපතිවරයාගේ X සටහනේ වැඩිදුරටත් දැක්වේ.
උන් වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය, ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් අවධාරණය කර ඇත.
It is with deep sorrow that I extend my heartfelt condolences on the passing of His Holiness @Pontifex, on behalf of the people of Sri Lanka. His unwavering commitment to peace, compassion and humanity has left an indelible mark on the world.
— Anura Kumara Dissanayake (@anuradisanayake) April 21, 2025
May his legacy of compassion,…
