බස් ලොරි අනතුරෙන් 22ක් රෝහලේ

Sri Lanka Army Accident Sinhala news
By Hashini Apr 21, 2025 09:36 AM GMT
Hashini

Hashini

Report

 නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු සිටින බවයි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුද සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබනවා.

එම අනතුර අද (21) උදෑසන සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 

සුනඛයෙක් යතුරුපැදියේ ගැටී යුවලක් මරුට

සුනඛයෙක් යතුරුපැදියේ ගැටී යුවලක් මරුට

ReeCha