වාහනයේ යවන්න අපහසු පැල්ලම් පහසුවෙන් ඉවත් කර ගන්න රහස් Tips.

By Wayomi Nov 13, 2024 03:41 AM GMT
Wayomi

Wayomi

Report

ගොඩක් දෙනෙක් පණ මේ රකින වස්තුව තමයි තමන්ගේ වාහනය. මුලදි මුලදි සර්විස් කරලා ක්ලීන් කර ගත්තට ඉතින් වහානයක පිට මොන තරම් දූවිලි බැදුනත් ජරා වුනත් වතුර පාරක් ඇල්ලුවාම ඔක්කොම හරි. හැබැයි ඉතින් ඒවා එහෙම ක්ලීන් කලාට ඇතුලෙ පැල්ලම් හැදිලා ජරා වුනොත් කොහොමද ඒවා ඉවත් කරන්නෙ කියලා ඔබ හිතුවද? එහෙනම් අපි අද කියන්න යන්නේ වාහනයක ඉවත් කරන්න ඔයාට කරන්න පුළුවන් ලේසි ක්‍රම කිහිපයක් ගැනයි.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සාමාන්‍ය පැල්ලම් ඉවත් කරන්න

🟢මඩ, දූවිලි නිසා අව පාට වෙන වාහන වල හැදෙන පැල්ලම් ඉවත් කරන්න මෙහෙම කරන්න.

🟢උණු වතුර කෝප්පයකට ඔයා පිගන් කෝප්ප සෝදන්න ගන්න විම් වගේ දියර බින්දුවක් දාලා එයට විනාකිරි හැන්දකුත් කලවම් කරන්න පස්සෙ ස්පොන්ච් කෑල්ලක් අරන් ඔයා මේ හදා ගත්ත දියරයේ පොගවලා ඔයාගෙ වහානෙ පැල්ලම් තියෙන තැන හොදින් පිසදමන්න.

🟢පස්සෙ ඉතින් ඔය කපු වගේ ඉවත දාපු රෙදි කැබැල්ලක් අරගෙන පිරිසිදු කරපු හරිය පිහිදැම්මා නම් වැඩේ හරි.


බීම ජාති පැල්ලම්

🟢සමාන්‍යයෙන් දුර ගමන් යද්දි පොඩි අය එහෙම වාහන ඇතුලෙ ඉදන් කනවා බොනවා ඒවා වැටිලා වහානෙ පැල්ලම් ඇති වෙන්න පුළුවන්.

🟢අන්න ඒ වගේ පැල්ලම් ඇති වුනාම ස්පොන්ච් එකක් කූල් වතුරින් පොගවලා අරන් එතන පිහිදාන්න. හැබැයි අර උඩ කිව්වා වගේ උණු වතුරට ලීක්විඩ් දාලා පිහිදන්න ගිහින් එක පැල්ලම දෙක කර ගන්න එපා.


වමනෙ පැල්ලම්

🟢ගොඩක් දුරට පොඩි ළමයි එක්ක ගමන් බිමන් යද්දි පොඩි ළමයි වාහාන ඇතුලෙ වමනය කරනවා.

🟢බස් වල යද්දි වුනත් වමනය කරද්දි බස් වල පිට සම්පූර්ණයෙන් වමනෙ පැල්ලම් එහෙම තියෙනවා ඉතින් අන්න ඒ වගේ වමනෙ පැල්ලම් ඉවත් කරන්න හොදම දේ තමයි සෝඩා.

🟢සෝඩා එකක් අරගෙන අර වමනෙ පැල්ලම තියෙන තැනට දාලා ඊට පස්සෙ තෙත රෙදි කෑල්ලක් අරන් ඒ හරිය පිහිදලා දාන්න. වතුරට බේකිං සෝඩා ටිකක් කලවම් කරලා දාලා පිහිදැම්මත් වැඩේ ගොඩ.

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

හිතාන්න බැරි ගාණකින් එක්වරම රන් මිල පහල යයි. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ලේ පැල්ලම්

🟢වහාන වල ලේ පැල්ලම් අයින් කරන්න සාමාන්‍ය ලොන්ඩ්‍රි සෝදන කුඩු හරි ලොන්ඩ්‍රි සේදුම් වතුර හරි භාවිතා කරන්න ඔබට පුළුවන් මේවා පැල්ලම තියෙන තැනට දාලා විනාඩි 30ක් විතර තියෙන්න දීලා පසුව තෙත රෙදි කැබැල්ලකින් පිහිදන්න.

🟢ඇලවෙන සුළු පැල්ලම් වහානෙක ඇලවිලා ගලවන්න බැරි චුවින්ගම් වාගේ ඇලවෙන සුළු දේවල් ඉවත් කරන්න අයිස් භාවිතා කරන්න පුළුවන්.

🟢ඒ වගේ ඇලවෙ සුළු දේවල් මත ටික වේලාවක් අයිස් තියලා පසුව එය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඕන නම් රෙදි කෑල්ලක් වතුරෙ පොගවලා අරන් පස්සෙ පිහිදලා දාන්න.


සත්තුන්ගේ ගද

🟢සමහර වෙලාවට ඔයාගෙ වහානෙ ගෙදර තියෙන වෙලාවට ගෙදර ඉන්න බල්ලා හරි පූසා හරි ඔයාගෙ වහානෙට නැගලා ඉන්න පුළුවන්. එහෙම වුනාම ඒ සත්තුන්ගෙ ඉව වාහනෙ පුරාම පැතිරෙනවා.

🟢ඉතින් ඔයාට පුළුවන් එහෙම අවස්ථාවක බොරැක්ස් කියන සෝඩියම් එක හාඩ්වෙයාර් එකකින් ගෙනත් තියාගෙන වහානෙට දාපු කාපට් වලට දාලා තියෙන්න හැරලා වැකුම් කරලා අරගන්න.

🟢ඒ මගින් සත්තුන්ගෙ ගද නැති කර ගන්න පුළුවන්. බොරැක්ස් නැතිනම් රෙදි සෝදන කුඩු භාවිතා කරන්නත් පුළුවන්.


යවන්නම අමාරු පැල්ලම්

🟢යවන්නම අමාරු කහට පැල්ලම් තියේනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට දත් බෙහෙත් ටිකක් දාලා කවලම් කරලා ඒ පැල්ලම මතට දාලා විනාඩි 5ක් විතර තියෙන්න ඇරලා පිහිදාන්න. පැල්ලම හොදටම මැකෙනකන් මේ ද්‍රාවණය දාලා හොදින් පිහි දමන්න.

දින දෙකක් සුරාසැල් වැසෙයි. - හැබැයි මත්පැන් නිකුත් කරන්න පුළුවන් මේ අයට විතරයි.

දින දෙකක් සුරාසැල් වැසෙයි. - හැබැයි මත්පැන් නිකුත් කරන්න පුළුවන් මේ අයට විතරයි.

පෑන් තීන්ත පැල්ලම්

🟢අනෙත් පැල්ලම් කොහොම වුනත් තීන්ත පැල්ලම් නම් යවන්න ටිකක් විතර අපහසුයි. හැබැයි කොහොම වුනත් තීන්ත පැල්ලම් යවන්න ලේසි ක්‍රමයක් තමයි හෙයාර් ස්ප්‍රේ එකක් අරන් තීන්ත පැල්ලම තියෙන තැනට ස්ප්‍රේ කරලා පස්සෙ රෙදි කෑල්ලක් අරන් එතන පිහිදලා දාන්න. නැත්නම් ලුණු වතුරිනුත් තීන්ත පැල්ලම් යවන්න පුළුවන්. 🟢ග්‍රීස් පැල්ලම් හා තීන්ත පැල්ලම්

🟢මේ දෙකටම හොදම විසදුම තිනර්. රෙදි කැබැල්ලකට තිනර් ටිකක් තවරලා අරන් මේ පැල්ලම් තියෙන තැන පිහිදමන්න. හැබැයි තිනර් දාලා පැල්ලම් යවද්දි ගොඩක් පරිස්සම් වෙන්න. මොකද වහානෙ පේන්ට් එකට හානියක් වෙන්න පුළුවන් නිසා සියුම් විදියට වැඩේ කරන්න. 

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ආරක්ෂක අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්. - මියන්මාරයේ සයිබර් කඳවුරට අලුතින් එක් වූ UAE ශ්‍රී ලංකිකයින් ගැන විශේෂ දැනුම්දීමක්.

ReeCha