ටිපර් රථයක් අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර..

Report

නෝටන්බ්‍රිජ් පොලිසිය පවසන්නේ, මස්කෙලිය සිට හගුරන්කෙත දක්වා ධාවනය වූ ටිපර් රථයක් අඩි 150ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ටිපර් රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි.

අද (13) අලුයම 3.30ට පමණ නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුලං වංගුව ප්‍රදේශයේදි ,නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොල සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හගුරන්කෙත දක්වා ධාවනය කරන අවස්තාවේ මාර්ගයෙන් පිටතට පැන ටිපර් රථය ප්‍රපාතයට පෙරලි ඇති බවයි වාර්තා වන්නේ.

කථානායකට එලොව පොල් පෙන්නමින් සජඹය වැඩ අල්ලයි!

කථානායකට එලොව පොල් පෙන්නමින් සජඹය වැඩ අල්ලයි!

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවා.

ටිපර් රථය අනතුරට පත් වු ස්ථානයේම ඉකුත් වසරේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බස් රථයක් ප්‍රපාතයට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

ප්‍රදේශ රැසකට යළිත් අනතුරු ඇඟවීමේ නිවේදන..!

ප්‍රදේශ රැසකට යළිත් අනතුරු ඇඟවීමේ නිවේදන..!

…………………………………………………………………………

You may like this video 👇