ප්‍රභල පාතාලයෙකු පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් මරුට..පොලිසියේ 02ක් තුවාල ලබයි.

Police Sri Lanka Tinker lasantha
By Aruna Nov 26, 2021 12:51 AM GMT
Report

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය බව මිය ගිය බව පොලිසිය කියයි .

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි.

  සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැසීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙහිදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now