එක තැනක තිබුණා මමයි අනුර සහෝ­ද­ර­යයි හරිනි සහෝ­ද­රි­යට වස දෙන්න යනවා කියලා.. හරිනි ගැන කියන්න ටිල්වින් කට අරී

Report

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව අභ්‍යන්තර කණ්ඩායමක් කටයුතු කරන බවට පළ වන වාර්තා, ජනතා විමුක්ති පෙරමුණේ (ජේවීපී) මහ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි.

ඒ එම ප්‍රකාශ දේශපාලන විරුද්ධවාදීන් විසින් නිර්මාණය කරන ලද "හාස්‍යජනක විහිළුවක්" ලෙස විස්තර කරමින්.

ඒ අනුව රජයේ පුවත්පතකට අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයෙන් පිටත කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයාට වල කැපීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

ඔහු කියා ඇත්තේ,

" මට හිතෙන්නෙ විප­ක්ෂයේ අය ඔය වගේ ඉන්න එක අපිට හරි වාසියි. මොකද කව­දා­වත් සිද්ධ­ වෙන්නෙ නැති, කවු­රු­වත් විශ්වාස කරන්නෙ නැති අව­ලා­ද­යක් එක්ක ඉන්න එක ඔවුන්ට අවා­සියි. මොකද තවත් අවු­රුදු 10ක් ගියත් තත්ත්වය මේක­මනෙ. දැන් ඇත්ත­ටම ජේවීපී, එන්පීපී කියලා බෙදන්න බෑ. අපි ඔක්කොම දේදුන්න වගේ ඉරක් ගහලා වෙන්ක­රන්න පුළු­වන් තැනක නෑ. හරිනි සහෝ­ද­රි­යයි, අපියි අතර තියෙන්නෙ ඉතාම හොඳ මිත්‍ර­ත්ව­යක්, බැඳී­මක්. අපේ පක්ෂයෙ හැමෝම අනුර සහෝ­ද­ර­යට ආද­රෙයි, හරිනි සහෝ­ද­රි­ය­ටත් ආද­රෙයි. විරු­ද්ධ­වා­දීන් හිත­නවා, එන්පීපී එකත් ඒගො­ල්ලොන්ගෙ පක්ෂ වගේ කියලා. එහෙම එකක් නම් අපිට මෙච්චර දුර යන්න බෑ. මේක එහෙම එකක් නෙමෙයි. එක තැනක තිබුණා, මමයි අනුර සහෝ­ද­ර­යයි හරිනි සහෝ­ද­රි­යට වස දෙන්න යනවා කියලා. ඉතින් එත­රම්ම බොරු­වක් කියන්න තරම් තැන­කට විප­ක්ෂය වැටුණු එක ගැන අපිට සතු­ටුයි කියලා තමයි කියන්න තියෙන්නෙ."

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

වලාන කළඹමින් මහ මඟදි පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මිනුවම්පිටිය පොදු සුසාන භූමියක් අසලින් හමුවෙයි

වලාන කළඹමින් මහ මඟදි පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මිනුවම්පිටිය පොදු සුසාන භූමියක් අසලින් හමුවෙයි