මම ඉල්ලනකොට වෙපන් එක දියන් කොකා අස්සට නම් ඇගිල්ල ගහන්න එපා මිනිස්සු පව් - වීරයෝ වෙන්න හිතන් කරපු මෙහෙයුම

Report

ඉකුත් 25 වන දින පස්වරුවේ රත්මලානේ දී අණ නොතකා හඹා යන වෑන් රියක් පසුපස ගමන් කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අඳාළ සිදුවීම ජංගම දූරකථනයකින් විඩියෝ කරමින්, සූදානම් කළ ගිනි අවියක් ද රැගෙන ගමන් කරන අයුරු මාධ්‍යවලින් වාර්තා කර තිබුණා.

එහි දැක්වෙන ලෙස මෙම හඹා යෑම සිදු කරන අතරවාරයේ පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරින් එක් අයෙක් ඉතා අවදානම් සහගත ලෙස ජංගම දුරකථනයකින් මෙම සිදුවීම වීඩියෝ කරමින් සිට ඇත. එසේම අනෙක් නිලධාරියා සූදානම් කළ ගිනි අවියක් රැගෙන ගමන් කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් මෙය මෑත කාලයේ සිට දක්නට ලැබෙන අන්දමට සමාජ මාධ්‍යවල විරත්වයක් ලැබීමේ අරමුණින් යුතුව පොලිස් නිලධාරීන් සිදුකරන වීඩියෝ කිරීම් රැල්ලේ තවත් සිදුවීමක් වශයෙන් බොහෝ දෙනෙක් පෙන්වා දෙයි.

"මට පාතාලය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ - පොලිස්පතිට එරෙහිව නීතිමය පියවර ගන්නවා" - ජගත් විතාන

"මට පාතාලය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ - පොලිස්පතිට එරෙහිව නීතිමය පියවර ගන්නවා" - ජගත් විතාන

තවද අඳාළ වීඩියෝවෙහි, “ඕඅයිසී මහත්තයට කෝල් එකක් ගනින්. එක අතකින් වීඩියෝ කරපන්, මම ඉල්ලනකොට වෙපන් එක මට දියන්. කොකා අස්සට නම් ඇගිල්ල ගහන්න එපා මිනිස්සු පව්. රෙඩි කරලා තියෙන්නේ” යනුවෙන් පොලිස් නිලධාරීන් පවසන අයුරු ද සටහන් වී ඇත.

අනතුරුව වෑන් රිය පසුපස ගමන් කළ පොලීසිය ගල්කිස්සේදී අඳාළ වෑන් රියට වෙඩි තැබිමටද ක්‍රියා කර ඇති බව වාර්තා වුණා. පසුව කළ පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබුණේ රථය තුළ සැක කටයුතු කිසිවක් තිබී නැති බවත්, රියදුරු බීමතින් සිටි බවත් ය.

අඳාළ වෑන් රිය පිළියන්දල ප්‍රදේශයේදී පස්වරු 5.25ට පමණ යතුරුපැදි දෙකක ගැටී ඇතත් රියැදුරු නොනවත්වා ධාවනය කරන බවට ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව වෑන් රිය මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී පිළියන්දල ස්වාරපොළ ප්‍රදේශයේ දී එය නවතන ලෙසට කොට්ඨාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් දෙදෙනා වෑන් රථ රියැදුරුට අණකර තිබෙනවා.

එහෙත් රියැදුරා එම අණ කිරීම් ද නොතැකූ නිසා රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී ධාවනය කිරීමේදී පොලිස් නිලධාරීන් වෑන් රථය ලුහුබැඳ ගොස් ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට වෙඩි තබා ඇත.

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

රන්මිල ගැන බාබා වැන්ගාගෙන් අනාවැකියක්

පසුව පොලිස් නිලධාරීන් වෑන් රථය පිටුපස ලුහුබැඳීමේ දී රත්මලාන දුම්රියපළ අසළ වෑන් රථය නවතා සැකකාර රියැදුරා පළා යෑමට උත්සාහ කර ඇතත් එහිදී ඔහු බිම ඇදවැටී තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එසේ බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල ලබා ඇති බව කියයි. පොලීසිය සඳහන් කළේ අනතුරුව 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි.

එසේම වෑන් රථය පරීක්‍ෂා කිරීමේදී මෝදක ගුලි තුනක් තිබී හමුවී ඇතත් වෙනත් සැක කටයුතු කිසිවක් එහි තිබී නැති බව ද පොලීසිය පවසයි. එමෙන්ම පොලීසිය මඟින් සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඔහු සංචාරක මගී ප්‍රවාහන කටයුතු සිදුකරන අයකු බවද සඳහන්. මේ අතර අඳාළ වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද වාර්තා වේ.

ඒ අනුව වෑන් රථයේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වෙනත් දිනවල මෙම වෑන් රථය වෙනුවට වෙනත් වාහනයක් ධාවනය කරන බවත් එම වාහනයේ දෝෂයක් තිබීම හේතුවෙන් වෑන් රථය ධාවනය කර තිබෙන බවත් හෙළි කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වෑන් රථ රියැදුරු බීමත්කම සහ වාහන කිහිපයක් අනතුරට ලක්කිරීම හේතුවෙන් එසේ පලායෑමට උත්සාහ කරන්නට ඇති බව පොලිසිය පවසයි.

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට