සබරගමුව සරසවියේ නව කුලපති ලෙස ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත්කරයි

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පත්කරනු ලැබ සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ මීට පෙර ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුර හොබවා ඇත.

උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය සහ දර්ශනපති උපාධිය ලබාගෙන ඇති අතර, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ දර්ශනසූරී ආචාර්ය උපාධි ලබාගෙන තිබේ.

එමෙන්ම බීජිං විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.

මාස තුනකින් දැකගන්න නැති මහසෙන් ඇතාට මොකද වුණේ? - වනජීවී නිලධාරියෙකු කියන කතාව

මාස තුනකින් දැකගන්න නැති මහසෙන් ඇතාට මොකද වුණේ? - වනජීවී නිලධාරියෙකු කියන කතාව

ගඟ දෙපස ජනතාවට අස්වැසිල්ලක්! දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගංවතුර අනතුරු ඇඟවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ

ගඟ දෙපස ජනතාවට අස්වැසිල්ලක්! දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගංවතුර අනතුරු ඇඟවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ