නඩු 4කට චාමරට ඇප

Report

අල්ලස් කොමිසම මගින් ගොනුකර තිබූ පැමිණිලි 04කට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

ඒ අනුව එකී සෑම නඩුවකටම එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර, විදේශ ගමන් තහනමක්ද පනවන ලදී. එම නඩු 04 ජනවාරි මස 26 වනදා නැවත කැඳවීමට නියමිතය.

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

කෙසේවෙතත්, පොස්පේට් අපනයනය සඳහා බලපත්‍ර ලබාදීමට පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පවතින වෙනත් නඩුවකට අදාළව සැකකරුවන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් අද දින ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එම නිසා නඩු 04කින් ඇප හිමිවුවද, රුපියල් ලක්ෂ 81 අල්ලස් චෝදනා නඩුව හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ ලේකම්වරයා එළඹෙන නොවැම්බර් මස 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

අම්මාත් මමත් මේ දිනවල නවලෝක රෝහලේ.. යෝෂිතයි රෝහිතයි අපේ සුවදුක් විමසා බලනවා.. ලෙඩ ඇඳේ ඉන්න මහින්දගෙන් නාමල්ට සංවේදී ලිපියක්

අම්මාත් මමත් මේ දිනවල නවලෝක රෝහලේ.. යෝෂිතයි රෝහිතයි අපේ සුවදුක් විමසා බලනවා.. ලෙඩ ඇඳේ ඉන්න මහින්දගෙන් නාමල්ට සංවේදී ලිපියක්